brand logo

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලොව නවීනතම බැංකු සේවාවන් ගෙන එයි

31 August 2020

ඉතිරිකිරීම් සම්බන්ධයෙන් කතා කිරීමේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුව යනු පුරෝගාමී මූල්‍ය ආයතනයයි. එම බැංකුවේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීමත්, එමගින් ඔවුන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් පිරිසක් බවට පත් කිරීමත්ය. මේ සඳහා 1972 සිට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විශේෂ ක්‍රියාමාර්ග රැසක්ම ගෙන තිබේ. අලුත උපන් කිරි කැටියාගේ පටන් ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා සියලු දෙනාම ආවරණය වන පරිදි විවිධ ආකර්ෂණීය ගිණුම් හා ඉතිරිකිරී‍ම් ක්‍රම බැංකුව හඳුන්වා දී ඇත. ඕනෑම කෙනකුට යහපත් පුරුදු ඉගැන්වීමට ඇති හොඳම කාලය ළමා කාලයයි. මෙය හොඳින් අවබෝධ කරගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලාංකික දූදරුවනට කුඩා කල සිටම ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කිරීමට ළමා ඉතිරිකිරී‍ම් ගිණුම් දෙකක් හඳුන්වා දී ඇත. ඒ “පුංචි හපන්” සහ “හපන්” යන ගිණුම් වර්ග දෙකයි. මේ ළමා ගිණුම් මගින් ඔවුන්ගේ අනාගත ජීවිතයට වැදගත් වන මුදල් ඉතිරිකිරීමට හුරුපුරුදු වේ. එසේම ගිණුමක් පවත්වාගෙන යාම මූල්‍ය සකසුරුවම හා බැංකුකරණය පිළිබඳ සරල සිද්ධාන්ත පිළිබඳව අත්දැකීම් ලැබීමටද එහිදී දරුවන්ට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම පාසල්වල, තැපැල් කාර්යාලවල පිහිටුවා ඇති බැංකු ඉතිරිකිරීමේ ඒකක හඳුන්වා දීමෙන් මවුපියන්ගේ, ගුරුවරුන්ගේ ආශිර්වාදය සහ අනුදැනුම මත කුඩා කල සිටම දරුවන්ට බැංකුවලට ආභාෂයක් ලබාදෙයි. [caption id="attachment_96053" align="alignright" width="296"] ලාල් කරුණාතිලක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි)[/caption] ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලැබෙන තවත් ප්‍රතිලාභයක් ගැන කතා කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලාල් කරුණාතිලක මහතා, “ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ගේ දූදරුවන්ගේ අනාගත සාර්ථකත්වය උදෙසා කළ හැකි හොඳම ආයෝජනය හැකි තරම් ඉහළ උසස් අධ්‍යාපනයක් ලබා දීමයි. එහෙත් ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක උසස් අධ්‍යාපනය සඳහා ඇත්තේ සීමිත අවස්ථාවන්. මේ නිසා තමයි උසස් පෙළට පෙනී සිටින ලක්ෂ තුනකට අධික දූදරුවන් අතරින් විශාල පිරිසක් ඉහළින් ඒ විභාගය සමත් වුණත්, විශ්වවිද්‍යාල වරම 35,000ක් වැනි පිරිසකට සීමා වන්නේ. මේ දරුවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සාර්ථක කර ගැනීමට අත්වැලක් සපයමින් අප බැංකුව උසස් අධ්‍යාපනික බුද්ධි ණය ක්‍රමය හඳුන්වා දී තිබෙනවා”. අපේ රටට විශාල මෙහෙවරක් කරන ලද ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ විශ්‍රාම කාලයේ දී විවිධ මූල්‍ය දුෂ්කරතාවයන් ජයගැනීමට සැපයෙන අත්වැලක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගෞරවයෙන් ලබාදෙයි. මේ යටතේ අවුරුදු 75 දක්වා අයට අවම පොලියකට ලක්ෂ 100ක් දක්වා ණය මුදලක් ඉතාම සහනදායී පදනමකින් ලබාගත හැකිය. ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉතිරිකිරීමේ ප්‍රමුඛයා වන අතර මිලියන 20කට අධික ගිණුම් හිමි මිලියන 17කට අධික ගනුදෙනුකරුවන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතාවලට ඉතාම ආකර්ෂණීය විසඳුම් ලබාදෙන බව ද කරුණාතිලක මහතා කීවේය. අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයට පහසුවක් වන පරිදි මේ වන විට මූල්‍ය වෙළෙඳපොළ අවම පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සඳහාම විශේෂයෙන් හඳුන්වා දෙන ලද පුද්ගලික ණය යෝජනා ක්‍රමයක් පවතින අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවයේ නියුතු ඕනෑම අයෙකුට මෙම ණය මුදල ලබාගත හැකිය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වර්තමානයට සුදුසු අයුරින් විශාල මුදලක් ආයෝජනය කරමින් මධ්‍යගත බැංකු තොරතුරු ඒකකයක් (core banking system) ස්ථාපිත කිරීමට කටයුතු කරමින් පවතින අතර එමගින් නව බැංකු තාක්ෂණික මෙවලම් මතින් ගනුදෙනු කටයුතු සිදු කර ඇත. මේ මගින් ශාඛා 258ත් 4,000කට අධික තැපැල් ජාලයත් සම්බන්ධ කරගැනීමට කටයුතු කරමින් සිටියි. මෙය දැනට ශ්‍රී ලංකාවේ පවතින වඩාත් දියුණුම මධ්‍යගත බැංකු පද්ධතියයි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විශේෂයෙන්ම සුරක්ෂිතම ඩෙබිට් කාඩ් පත හඳුන්වා දී ඇති අතර ලක්ෂ 20ක පමණ පිරිසක් මේ මගින් සිය ගනුදෙනු කටයුතු සිදු කරති. ජනතාවගේ මුදලට සහ ඒ වෙනුවෙන් ලබාදෙන පොලියට සියයට සියයක්ම ආරක්ෂාව ඇති එකම බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව යැයි කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය. ජාතික ඉතිරිකිරීමේ බැංකුව රටේ ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා සුරක්ෂිතම ස්ථානය ලෙස Global Finance සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ. කොරෝනා වසංගතය සමයේ අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කිරීමට හැමදෙනාගේම විශේෂ අවධානයක් යොමු විය. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වෙබ් අඩවිය වන www.nsb.lk, ෆේස්බුක්, ට්විටර්, ලින්ක්ඩ්ඉන්, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍යජාලද ගනුදෙනුකරුවන්ට හිතකාමී බවින් අති විශිෂ්ටය. ඒ බව සනාථ කරමින් හොඳම වෙබ් අඩවිය ලෙස BestWeb 2020 සම්මානය හිමි විය. ව්‍යාපාර සහ මූල්‍ය අංශයේ රන් පදක්කමත්, දෙමළ අංශයෙන් සමස්ත වෙබ් අඩවිය සඳහා වන රිදී සම්මානයත් දිනා ගත් අතර මින් පෙර වඩාත් ජනප්‍රියම වෙබ් අඩවිය ඇතුළු විවිධ සම්මාන රැසක් දිනා ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමත්විය. මේ නිසා කොවිඩ් වසංගතයෙන් රට පීඩාවට පත් වූ පසුගිය කාලයේ දී ද රටට සහ එහි ජනතාවට උසස් සුරක්ෂිත සේවයක් ලබා දීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හැකි විය. සමාජ මාධ්‍ය අතරින් ද ඉදිරියට පැමිණ නවීන ලෝකයට ගැළපෙන සේවයක් ලබා දීමට කටයුතු කර ඇති මේ බැංකුව ලංකාවේ සහ ලෝකයේ ඇති නවීනතම තාක්ෂණයෙන් ද ඉදිරියටම ගොස් තමන් ලබාදෙන විශිෂ්ට ජනතා සේවය තවත් අර්ථවත් කිරීම අබියස සිටියි.
 

More News..