brand logo

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මස ශ්‍රී ලංකාවට

16 January 2019

IMF ණය වැඩසටහන් යළි ශ්‍රී ලංකාවට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර හා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් අයි.එම්.එෆ්. කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩ් මහත්මිය සඳහන් කළේ, ලබන මස මැද භාගයේදී සිය නියෝජිත පිරිස මෙරටට පැමිණීමට නියමිත බවයි. ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ආර්ථික පරිසරය හා ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳව සාකච්ඡාවක් කළ බව ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය ප්‍රකාශ කළා.
 

More News..