brand logo

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිම්බාබ්වේ සාමාජිකත්වය අත්හිටුවයි

19 July 2019

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ හි ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරිමට තීරණය කර තිබේ. එම කවුන්සිලයේ වාර්ෂික සම්මේලනයේදී මෙම තීරණය ගෙන ඇත. සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනයට එරට රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවට තහවුරු කිරීමට නොහැකිවීම ඊට හේතුවී තිබේ. මෙම තීරණයත් සමග සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කිසිදු මූල්‍ය ප්‍රතිපාදනයක් නොලැබෙන අතර, විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවලට ද සහභාගිවීමට අවස්ථාව අහිමිවෙයි.
 

More News..