brand logo

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොහොමඞ් මහීස් මහතාට අපගේ කණගාටුව - බුර්කාව ගැන මොහොමඞ් මහීස් මහතාගේ අදහස

05 May 2019

අද (05) දින සති අග අරුණ පුුවත්පතෙහි සහරාන්ගේ මාමණ්ඩියගේ ගෙදර ගියෙමි හිසින් පලවූ ලිපියෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා සමාජ විද්‍යාඥ මොහොමඞ් මහීස් මහතාගේ ඡුායාරූපය පමණක් පළවී ප‍්‍රකාශයක් සටහන් නොවීම හේතුවෙන් ඒ මහතාට අපහසුතාවක් සිදුව ඇත්නම් ඒ පිළිබද අපගේ කණගාටුව පළකරසිටිමු. රටේ උද්ගතව ඇති ආරක්‍ෂිත තත්වය පිළිබඳව මතුව ඇති මතිමතාන්තර පිළිබඳව එහිදී ඒ මහතා බුර්කාව පිළිබඳව දැක්වූ අදහස් එසේ ලිපියෙහි අන්තර්ගත නොවී ජයාරුපය පමණක් පළව තිබිණ. එහිදී එ් මහතා පැවසූයේ ඉස්ලාම් ධර්මයේ සඳහන්වනපරිදි මුස්ලිම් කාන්තාවන් මුහුණ හා අත්ල සිය අනන්‍යතාවය විදහා පෑම වෙනුවෙන් නිරාවරණය කළයුතු බවයි. එහෙත් අනෙකුත් අ`ගපස`ග වසාගතයුතු ආකාරය පිළිබඳව කිසිදු නීති නොමැති වුවත් සංවර අයුරින් තමන්ට රුචි අන්දමින් එසේ සිදුකළ හැකි බවත් ඒ මහතා පවසා තිබිණ. එහිදී විවිධ රටවල මුස්ලිම් නොවන කාන්තාවන්ද ඒ ඒ සංස්කෘතීන්ට අනුව මුහුණු ආවරණ යොදා තිබෙන බවත් ඉන්දීය ඇතැම් කාන්තාවන් ඊට කදිම නිදසුන් බවත් සමාජ විද්‍යාඥයෙකු වශයෙන් තමන් කළ පර්යේෂණයන් අනුව පැහැදිළි වන බව පැවසීය. එමෙන්ම අදවනවිට රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ප‍්‍රශ්නයේදී මුස්ලිම් කාන්තාව මුලින් ජාතික ආරක්‍ෂාවට මුල්තැන ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන අතර ඒ පිළිබඳව සිතා බුර්කාවෙන් මිදීම සුදුසු බවද එ මහතා අදහස් දක්වා තිබිණ.
 

More News..