brand logo

ජල බිල්පත් ගෙවීමට සහනයක්

06 June 2021

මහජන තාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවය. ඒ අනුව මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. "සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා."
 

More News..