brand logo

ජල නළයක් පුපුරා යයි - කොළඹට ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ

06 December 2019

ලබුගම සිට කොළඹට ජලය රැගෙන එන ප්‍රධාන නළයක් කොටිකාවත්ත ප්‍රදේශයේදී පුපුරා ගොස් තිබේ. අප වාර්තාකරු සදහන් කළේ මේ හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප්‍රදේශයෙන් වසා දමා ඇති බවයි. මේ අතර නළය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය කටයුතු විසින් ආරම්භ කර ඇත. මේ හේතුවෙන් හෙට උදෑසන 8 පමණ දක්වා කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සදහන් කළේය. මීට අමතරව කොළඹ 11 සහ 13 යන ප්‍රදේශවලටද අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..