brand logo

ජලාශ 26ක වාන් දොරටු විවෘත කෙරේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

20 December 2019

දිවයිනට පළාත් කිහිපයකට බලපා ඇති අධි වැසි තත්ත්වයත් සමග ජලාශ 26ක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ හතක්, පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ දෙකක්, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් සහ ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බවයි. ඉදිරි කාලගුණික තත්ත්වය සළකා බලා අනෙකුත් ජලාශවල වාන් දොරටු විවෘත කිරීම පිළිබදව තීරණය කර බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 

More News..