brand logo

ජලසම්පාදන මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් උද්ඝෝෂණයක

25 September 2019

ජලසම්පාදන මණ්ඩලයේ මෑන් පවර් සේවකයින්ට රැකියා අවස්ථා ලබා ගැනීමට කෙරෙන උද්ඝෝෂණයක් මේ වන විට බත්තරමුල්ල පැලවත්ත ජලසම්පාදන අමත්‍යංශය ඉදිරිපිටදී පැවැත්වෙමින් තිබේ. ජලසම්පාදන මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් සදහන් කළේ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වසර 5,10,15,හා 20 පමණ සේවය කරන මෑන් පවර් සේවකයින් සිටියදී දේශපාලන හිතවත්කම් මත 300 කට අධික සේවක පිරිසක් බදවාගැනීමට උත්සහ දරමින් සිටින බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර මෑන් පවර් සේවකයින් විසින් කරන ලද ඉල්ලීම් හා උද්ඝෝෂණ වලදී පොරොන්දු වී තිබුණේ ලංකා විදුලි බල මණ්ඩලයේ මෑන් පවර් සේවකයින් ස්ථිර කළ ආකරයෙන් ජලසම්පාදන මණ්ඩලයේ මෑන් පවර් සේවකයින්ව ද ස්ථිර කිරීමට කටයුතු කරන බවයි. එම පොරොන්දු ඉටු නොකර ජලසම්පාදන මෑන් පවර් සේවකයින් මහත් අසාධාරණයකට ලක්ව ඇති බව එම සේවකයින් පවසා සිටීයි.
 

More News..