brand logo

ජලය වෙනුවට ලවණ මිශ්‍ර ජලය පරිභෝජනය කරන කළුතර පවුල සංඛ්‍යාව පනස් දහස ඉක්මවයි

04 February 2020

වියළි කාලගුණික තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව පිරිසිදු පානීය ජලය නොමැතිව විශාල ගැටළුවකට මුහුණපා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුව පසුගිය ජනවාරි 20 වැනි දින සිට අද (පෙබරවාරි 04) දක්වා කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51,162කට අයත් පුද්ගලයින් 218,393දෙනකු පීඩාවට පත්ව ඇත. මෙලෙස ලවණ මිශ්‍ර පානීය ජල ගැටළුවලට වැඩි වශයෙන් මුහුණ දී තිබෙන්නේ කළුතර, බේරුවල, පානදුර සහ දොඩංගොඩ ප්‍රදේශවලට අයත් ජනතාව බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. සැම වසරකම වියළි කාලගුණික තත්ත්වය ආරම්භයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මෙම ගැටළුවට මුහුණපාන බව එම දිස්ත්‍රික්කයේ ජනතාව පවසයි.
 

More News..