brand logo

ජර්මන් තානාපති සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක්

17 May 2019

ජර්මන් තානාපති Joerm Rohde මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණි. මෙම හමුවේදී රට තුළ මතු වී ඇති වත්මන් තත්වය පිළිබඳ සාකච්ඡාවට ලක් වූ අතර මෙම තත්වය ඉක්මණින් යථාතත්වයට පත්විය යුතු බව ද ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ජර්මානු තානාපතිවරයා මෙහිදී පැවසීය. මෙහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දැනටමත් මේ සම්බන්ධව රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට විපක්‍ෂයක් වශයෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බව රජයට පවසා ඇති බවද ඒ වෙනුවෙන් මහජනතාව වෙත මේ වන විට නිවේදන කිහිපයක් නිකුත් කර ඇති බව මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්වූහ.
 

More News..