brand logo

ජය සමරන්න නිවාඩු දෙයි

22 November 2022

ආර්ජන්ටිනා සෞදි අරාබි පා පන්දු සටනෙන් ආර්ජන්ටිනාව පැරදේ

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම අද (22) ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට හෙට (23) නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබේ. තරග 36කින් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන සෞදි අරාබිය හමුවේ අද එලෙස අවසන් වුණි. ඒ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද දහවල් පැවැති තරගය ගෝල 2ට 1ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරජයට පත් කරමින් සෞදි අරාබිය ජයග්‍රහණය කිරීමට සමත් වීමත් සමගය.
 

More News..