brand logo

ජය ශ්‍රී මහා බෝධිය වහන කතා බොරු

15 March 2020

කොරෝනා වෛරස් රෝගීන් මෙරටින් හමුවීමත් සමග ජනතාව භීතියට පත් වෙලා තියෙනවා.
ඒ වගේම විවිධ කට කතා පැතිරෙමින් තියෙනවා ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන ජනතාවට පැමිණීමට බැරි වන පරිදි වසා දමන බවට.
නමුත් ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන වලට ජනතාවට ඇතුල් වීමට නොහැකි වන පරිදි වසා දැමීමට කිසිම තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රී මහා බෝධි විහාර වාසි ශාස්ත්‍රපති කුඩා ඇලගමුවේ ඤාණසිරි හිමියෝ පැවසූහ.
ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන වසා දමනවා යැයි පැතිර යන කට කතාවක් සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී උන් වහන්සේ මේ බව පැවසූහ
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසිරි හිමියෝ  මෙසේද පැවසූහ
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි සෑයට දිනපතා සිදුකරන චාරිත්‍ර ඒ විදිහටම සිදු කරනවා උදෑසන කිරි ආහාර බුද්ධ පූජාව දහවල් බුද්ධ පූජාව සවස ගිලන්පස බෝධි පූජාව මේ වතාවත් තුන එදා ඉදලම සිදු කළා වගේ ඉදිරියටත් සිදු කරනවා
ජනතාව නිතරම ශ්‍රී මා බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනාමාන කරන්න එනවා. බාර හාර වෙන්න භාරහාර වලින් නිදහස් වෙන්න ජනතාව යනවා. පැතිරෙමින් පවතින රෝගී තත්ත්වයට වෛද්‍ය වරු හා යුද හමුදාව ප්‍රතිකාර ලබා දෙනවා
දිනපතා දහවල් 12 සිට දෙක දක්වා දේවාල මළුවේ ගේට්ටු වසනවා ඒ කිරි ආහාර පුජා කරපුව ඉවත් කරන්න ඕනෑ නිසා. නැවත රාත්‍රි දහයට වහලා උදෑසන හයට විවෘත කරනවා. ඒ හැරුණු කොට ජනතාවට වන්දනාමාන කිරීමට නොහැකි වන පරිදි ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය  වසා දමන්න අදහසක් නෑ
පපසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර තිබුණු කාලයේ ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය වසා දැමුවේ නෑ.  ඒ වගේ තමයි මේ රටේ විවිධ වසංගත පැතිරිලා තිබුණා. ඒ වකවානුවල දී පවා ජනතාව පුද පූජා පැවැත්වීමට ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රි මහා බෝධිය රුවන් වැලි සෑය ඇතුළු අටමස්ථානය වන්දනමාන කර ගැනීමට පැමිනියා. එදා රජ වරු පවා ආශිර්වාද ලබා ගත්තේ ජජයශ්‍රී  මහා බෝධිය ඇතුළු අටමස්ථානයෙන්. අද බෞද්ධයන් මෙන්ම  බෞද්ධයන් නොවන අයත් ආශිර්වාද ලබා ගන්න ජය ශ්‍රී මහා බෝධියට රරුවන්වැලිසෑය පැමිණෙනවා ඒ නිසා විවිධ කට කතාවලට නොරැවටී තමන්ගේ ආගමික කටයුතු වල යෙදීමට බෞද්ධයන්ට අවස්ථාව තිබෙනවා.
 

More News..