brand logo

ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 636ක් අවශ්‍යයි

28 December 2018

ශ්‍රී ලංකා නවසීලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සදහා මේ වන විට තරගය නතර කර තිබෙනවා. දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියා. ලකුණු 660ක අභියෝගයක් භාරගනිමින් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ඉතිරි දින දෙක තුළ තවත් ලකුණු 636ක් ලබාගත යුතුව තිබෙනවා. නවසීලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 4ක් දැවී ලකුණු 585ක් ලබාගත්තා. නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ටොම් ලතැහැම් ලකුණු 176ක ලබාගැනීමට සමත් වුණා. හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 162ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුළු දෙකක් දවාගැනීමට සමත් වුණා. ඊට අමතරව දිල්රුවන් පෙරේරා සහ දුෂ්‍යමන්ත චමීර එක් කඩුල්ල බැගින් දවාගත්තා. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්තය ලකුණු 178ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 104ක් පමණයි. හෙට (29) තරගයේ සිව්වැනි දිනයයි.
 

More News..