brand logo

ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 75යි - තරඟයට වර්ෂාවෙන් බාධා

17 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ සවස් කාලයේදී මහනුවර පල්ලේකැලේ පිටියට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. දිනය නිමාවන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීම සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 75ක් පමණයි. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 27ක් ලබාගෙන සිටියා. ලකුණු 301ක අභියෝගයකට මුහුණදීම සදහා පිළිතුරු දෙවැනි ඉනිමට පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88ක්, දිමුත් කරුණාරත්න ලකුණු 57ක් රැස්කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 290ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම සදහා ලකුණු 336ක් රැස්කර ගත්තා. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් එංගලන්ත පිතිකරුවන් සියලුදෙනා දැවී ලකුණු 346ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 301ක අභියෝගයක් ලැබුණා. ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 1ට 0ක් ලෙස ජයගෙන  එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා. හෙට තරගයේ පස්වන දිනයයි.
 

More News..