brand logo

ජපුර සිසුවාගේ සිද්ධිය ගැන ජවිපෙ කතා කරයි

11 March 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවකු පසුගියදා මුහුණ දුන් සිද්ධිය කිසිවිටක අනුමත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පැලවත්ත පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දකවමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ අදාල සිදුවීම නවක වධය නිසා සිදුවුවක් ද සාදයකදී සිදුවුවක් යන ගැටලුවට පිළිතුර විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ප්‍රකාශයක් කර තිබු බවයි. සාදයකදී වුන සිදුවීමක් වුවද එය අනුමත නොකරන බවයි විජිත හේරත් මහතා සඳහන් කළේ. නවකවදය අනුමත නොකරන බව ද අදාල සිද්ධිය සම්බන්ධයෙන් උපකුලපතිවරයා සහ පොලිසිය මැදිහත්ව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බැරිකම / බංකොලොත්කම වහගන්න මෙම සිදුවීම පාවිච්චි කරන බවත් මෙය පදනම් කරගෙන ජනතා විමුක්ති පෙරමුණට මඩ අවලාද එල්ල කරමින් සිටින බවත් විජිත හේරත් මහතා සඳහන් කළා.
 

More News..