brand logo

ජ’පුර සිසුන්ගේ PCR ජ’පුරෙන්ම

13 October 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ එම විශ්වවිද්‍යාලය මගින්ම කිරීමට පරිපාලන අංශ ඊයේ (12 වැනිදා) තීරණය කළේය. වයිරසය ආසාදිත කළමනාකරණ පීඨ සිසුවිය සමීපව ඇසුරු කළ තවත් දෙදෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ බවත් ඉන් එක් සිසුවියකට වයිරසය ආසාදිත බව ඊයේ (12 වැනිදා) තහවුරු වී සවස වාර්තාව ‘නෙගටිව්’ වූ බවත් උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ‘අරුණ’ට පැවසීය. එම ආසාදිත සිසුවිය විශ්වවිද්‍යාලයට නොපැමිණ පෞද්ගලික බැංකුවක පුහුණුවක යෙදී සිටි බව ද මහාචාර්යවරයා කීවේය. පවතින තත්ත්වය මත සැක සහිත සිසුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පීඨයෙන් සිදු කෙරෙන අතර විශ්වවිද්‍යාලය වසා නොදමා මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට පරිපාලන අංශ තීරණය කළ බව උපකුලපතිවරයා සඳහන් කළේය.   නිලන්ත මදුරාවල
 

More News..