brand logo

ජ'පුර සරසවි සිසුවියටත් කොවිඩ්

10 October 2020

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියක් වන ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටත පෞද්ගලික නවාතැනක නතර වී සිට ඇති බවයි අනාවරණ වී ඇත. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීමත් සමඟ ඇය පසුගිය සතියේ පානදුර පිහිටි තම නිවස වෙත ගොස් පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. ඊයේ(09) දිනයේදී මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට තහවුරු වී ඇත. අද (10)දිනයේ දී ඇගේ බෝඩින් කාමරයේ රැඳී සිටි ශිෂ්‍යාවන්ට හා හෙට(11) දිනයේ දී ඇගේ ආශ්‍රිතයන්ට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. දැනට කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට එයින් පිට නොවන ලෙස උපකුලපතිතුමා දැනුම්දී ඇති බව මහා ශිෂ්‍ය සංගමය දැනුම් දී ඇත. කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර වල රැඳී සිටින සිසුන්ට අවශ්‍ය ආහාර නේවාසිකාගාර උප ශාලාධිපතිවරුන් හරහා ලබා දෙනු ලබන බවද ඔවුන් දැනුම් දී ඇත.
 

More News..