brand logo

ජ’පුර සරසවියේ කළමනාකරණ පීඨයේ විභාග කල් දැමේ

14 July 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින අනුරාධපුර - රාජාංගණය ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු ද කළමනාකරණ පීඨයේ අවසන් වසර විභාග සඳහා පෙනී සිටීමට නියමිතව සිටි අතර එම ශිෂ්‍යයා කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන සිටින පවුලක අයෙකු බව සඳහන් වෙයි. සෞඛ්‍ය උපදේශන මත විභාගය පැවැත්වීමේදී දුරස්ථභාවය සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සඳහන් කරයි.
 

More News..