brand logo

ජපාන විදේශ අමාත්‍යවරයා හෙට ශ්‍රී ලංකාවට

11 December 2019

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා හෙට (12) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ නව රජයට සුබ පැතීම ටොෂිමිට්ෂු මොටෙගි මහතා අපෙක්ෂාව වේ. ඒ මහතාගේ මෙම සංචාරයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් හමුවී වැදගත් සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිතයි.
 

More News..