brand logo

ජපානයේ සහ කටාර්වල සිටි ලාංකිකයින් 47ක් දිවයිනට

31 July 2020

ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ. පළමුවෙන්ම අද(31) අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . ඉන්පසුව ජපානයේ නරීටා සිට අද(31)අලුයම 3.15 ට එරට සේවය කළ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
 

More News..