brand logo

ජපානයෙන් සොරාගත් රු. කෝටි 4ක් වටිනා ජීප් රථය කැළණියෙන් මතුවෙයි

20 March 2019

ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතා ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, මෙය ජපානයෙන් සොරා ගත් ටොයොටා වී 8 වර්ගයේ ජිප් රථයක් බව පොලීසිය පවසයි. මෙම සුඛෝපභෝගී ජිප් රථය 2015 වසරේ නිෂ්පාදිත බවත් ඉකුත් වසරේ නොවැම්බර් 9 වැනි දා ජපානයෙන් සොරා ගත් ජිප් රථයක් බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡාත්‍යන්තර අංශයට ඡාත්‍යන්තර පොලිසියෙන් ලිඛිතව දන්වා තිබේ.
 

More News..