brand logo

ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

08 February 2022

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට වාහන සහ උපකරණ තොගයක් 

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙනවා. ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙසයි මෙම ප්‍රදානය සිදුකර තිබෙන්නේ. එය සංකේතාත්මකව අද (08) පෙරවරුවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත බාර දුන්නා. ඒ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී. ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඊට ඇතුළත්. එහි වටිනාකම රුපියල් මිලියන 700ක්.
 

More News..