brand logo

ජන බලවේගයේ මංගල්‍යයට යනවද?

28 February 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජන බලවේගය නිල වශයෙන් පිහිටුවීමේ උත්සව අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවනවාද නැද්ද යන්න තීරණය කරනුයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසීය. මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කළේ ඊයේ (27 වැනිදා) එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ’අරුණ’ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. ‘අරුණ’ මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ මාර්තු 02 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී පැවැත්වීමට නියමිත සමගි ජාතික බලවේගයේ ආරම්භක උත්සව අවස්ථාවට එජාප නායකයා සහභාගි වන්නේද, නැද්ද? යනුවෙනි. ඒක තීරණය කරන්නේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්. අපි සන්ධානයේ එක පක්ෂයක් විතරයිනේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වෙනවද, නැද්ද කියන එක කෘතයාධිකාරී මණ්ඩලය තීරණය කරයි. ඒ සඳහා ඉදිරි දින කිහිපයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ යෝජිත සමගි ජාතික බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර විසින් සිය සන්ධානය නිල වශයෙන් පිහිටුවීමේ උත්සව අවස්ථාවට එක්වන ලෙස එජාප නායකයා හමු වී ඔහුට ආරාධනා කර ඇත.   නයන තරංග ගමගේ
 

More News..