brand logo

ජන බලය පෙන්වන්න කොළඹට බස් වැලක්

05 September 2018

අද (5දා)කොළඹදීපැවැත්වෙනඒකාබද්ධ විපක්ෂයේ ජන බලය උද්ඝෝෂණයට සහභාගිවීමට දුරබැහැර පළාත්වල සිට බස් රථ රැසක් කොළඹ බලා ගමන් ආරම්භ කර ඇතැයි 'අරුණ'ට වාර්තා වේ. හම්බන්තොට, අම්පාර, මොනරාගල, තෙල්දෙණිය, ඇඹිලිපිටිය ආදි ප්‍රදේශවලින් බස් රථ  පන්සියකට  අධික සංඛ්‍යාවක් පිටත්ව ඇති බව අප වාර්තාකරුවෝ සදහන් කරති. අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පමණක් බස්රථ 160කින් ජනතාව කොළඹට ගමන් ආරම්භ කර ඇති බවත් ඒ එන ගමනේදී පොලොන්නරුව, කුරූණැගල ප්‍රදේශවලින්ද ඒ සා විශාල බස්රථ ප්‍රමාණයක් එකතුවන බවත් සවස 2 වන විට එම ජනතාව කොළඹට ළගාවන බවත්පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. චන්ද්‍රසේන 'අරුණ'ට පැවසීය.
 

More News..