brand logo

ජන බලය ඇරඹේ...

05 September 2018

ඒකාබද්ධ විපක්ෂය අද (5දා) කොළඹදී සංවිධානය කරන බලය උද්ඝෝෂණය මේ වන විට ආරම්භ වී තිබේ. ලේක් හවුස් වට රවුමේදී සවස පැවැත්වෙන  ප්‍රධාන විරෝධතා රැළිය සදහා සිව් පැත්තකින් ජනතා පෙළපාලි පැමිණෙන බව වාර්තා වෙයි. මේ වන විට කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් දැක්නට ලැබෙන අතර ටෙක්නිකල් හන්දියේ සිට පිටකොටුවදක්වා මාර්ගය මුළුමනින්ම අවහිරවී තිබේ. පිට පළාත්වලින් ජනතාව රැගෙන පැමිණි බස් රථ 2000 කට අධික සංඛ්‍යාවක් මේ වන විට කොළඹ නගරට ඇතුළුවී ඇති අතර ඒ අනුව ලක්ෂයකට අධික ජනතාවක් මේ වනවිට කොළඹට ඇතුඵවී ඇති බව අප වාර්තා කරුවන් සදහන් කරයි. මේ අතර අරලියගහ මන්දිරය අවට හා කොළඹ විශේෂ මහාධිකරණ අසල ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය පවසයි.     මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා පිටකොටුව බෝධිය අසලින් ජන බල රැලියට සම්බන්ධ වී තිබේ. ලේක් හවුස් වට රවුම අසල අති විශාල ජනතාවක් එක් රැස් වී සිටිති.
 

More News..