brand logo

ජන ගැටළු 6ක් ගැන ජනපතිගේ අවධානය යොමුවිය යුතුයි

25 June 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) සිදුකරන ප්‍රකාශයේදී ඉන්ධන මිල ඉහළ දැමීම මෙන්ම ජනතාව මුහුණ පා සිටින ගැටලු 06කට විසඳුම් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් අද (25) විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා, "අපි බලාපොරොත්තුවෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් තෙල් මිල නැවතත් තිබුණු මිලටම එයි කියලා. ඒ වගේම ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් දෙයි කියලා අපි බලාපොරොත්තුවෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත් ධීවර ජනතාවට ස්ථීර සහනාධාර වැඩසටහනක්, විනාශ වුණු පරිසර පද්ධතිය නැවත සංරක්ෂණය කරන්න තිරසර වැඩසටහනක්, මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදෙයි කියල අපි බලාපොරොත්තුවෙනවා. කොරෝනා නිසා කඩාවැටුණු ජීවිත ගොඩනගන්නට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබාදෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා."
 

More News..