brand logo

ජනාධිපති ළමයින්ට දුන්නු කිරි වීදුරුව විෂ වෙයි - සිසුන් 300ක් රෝහලේ

30 July 2019

‘කෝප් කමිටුවේ සාමාජිකයින් ‘සභාපති සුනිල් හඳුන්නෙත්තිට හොරෙන්’ පාර්ලිමේන්තුවේ ලොබියේ රැස් වී ‘නොනිල සාකච්ඡාවක’ නිරත වනු පෙනිණි. ‘‘හැමදාම කෝප් එක වෙනුවෙන් විදේශ සංචාරවලට යන්නෙ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා විතරයි... මේක නං හරි අසාධාරණ වැඩක්...’’ එක් සාමාජිකයෙකු පවසද්දී, තවත් සාමාජිකයෙකු පැවසුවේ මෙසේ ය. ‘‘අපි ඕක ප්‍රශ්නයක් හැටියට අරන් සාකච්ඡා කරමු...’’ මේ අතර සතියේ අවසාන දවසේ, තවත් එක් කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණු අතර, එයට ‘ජනාධිපතිවරයාගේ නම ගෑවීම’ නොවැළැක්විය හැකි විය. ආරංචිය නම්, සතිය මුල දී පාසල් ළමුන් වෙත ලබාදෙන්නට පටන් ගත් ‘කිරි ඇලජික් වී’ වාරියපොළ පාසලක ළමුන් 300 ක් පමණ රෝහල්ගත කරන්නට සිදුවීම ය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ‘සද්භාවයෙන්’ යුතුව ආරම්භ කළ ‘කිරි ව්‍යාපෘතියට’ ද සතියක් ගතවීමටත් මත්තෙන් ‘ගොම බිංදුවක්’ වැටිණි.
 

More News..