brand logo

ජනාධිපති වෙන්න දඟලන අපේක්ෂකයකුගෙන් කාර්ය මණ්ඩලයට වෙඩි පුහුණුව

19 August 2019

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට ප්‍රචාරක මෙහෙයුම් කරගෙන යන රජයේ ප්‍රබලයෙකු ඇමැතිවරයෙක් කොළඹට නුදුරු ත්‍රාසජනක ක්‍රියාදාම පුහුණුකරන හෝටලයකදී තම අමාත්‍යංශයට අයත් අධ්‍යක්ෂකවරුන්ට ඉලක්කයට වෙඩි තැබීම් ඇතුළු ත්‍රාසජනක පුහුණුවීම් කර ඇතැයි අනාවරණය වෙයි. මෙම සියලු පුහුණුවීම් සඳහා වියදම් දරා ඇත්තේ රජයයි. එකී පුහුණුව සති අන්තයේදී නායකත්ව වැඩමුළුවක් ලෙස පැවැත්වෙන අතර මෙහිදී කඹ දිගේ ගඟක් හරහා යාම ආදි පුහුණුවක් ලබාදෙන බවත් එම පුහුණුවට යන අධ්‍යක්ෂවරයෙක් අනාවරණය කළේය. මීට පෙරදීත් මෙවැනිම වැඩමුළු තිබ්බා. එතැනදී ස්ථිර නොකරපු අයවත් ගෙන්නුවා. ඇමැතිගේ ෆේස්බුක් පෝස්ට් ෂෙයා කළොත් ඔවුන්ට රස්සාව ස්ථීර කරන බවත්, කියලා තිබුණා යැයි පුහුණුවට කලින් වතාවේ ගිය නිලධාරියෙක් ප්‍රකාශ කළේය. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..