brand logo

ජනාධිපති බලතල ඉවත් කරන ලෙස බලකරමින් වතුකරයේ තරුණයන් විරෝධතාවයක

10 December 2018

ජනාධිපතිවරයා සතු බලතල වහා ඉවත් කරන ලෙස බල කරමින් හැටන් නගරයේ වතුකරයේ තරුණයන් පිරිසක් අද(10) විරෝධතාවයක නියැලුණා. වතුකරයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු තරුණයෝ නම් වු සංවිධානයක් මගින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවයට යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කල වතුකරයේ තරුණයන් පිරිසක්ද සහභාගි වි සිටියා. හැටන් පුංචි බෝධිය අසල අද පෙරවරු 11 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කරමින් එම සංවිධානයේ සමාජික එස්.සතිස් කුමාර් මහතා කියා සිටියේ 2015 වසරේ මේ රටේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරිමට වතුකරයේ තරුණ තරුණියන්ගේ ඡන්දය ලබාදුන් බවයි. ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ බලතල ඉවත් කර ජනාධිපතිවරයා සතු බලතල පාර්ලිමේන්තුවට ලබාදෙන බවට පොරොන්දු වුවත් එම පොරොන්දු මෙතෙක් ඉටු නොකිරිම නිසා වර්තමානයේ රට අරාජිත තත්ත්වයට පත් වි ඇති බවත්, තවදුරටත් ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ බලතල පැවතිය හොත් ජනාතාව සතු පරමාධිපත්‍යය බලය නැති වි යන බවයි එස්.සතිස් කුමාර් මහතා කියා සිටියේ. මෙම විරෝධතාවයට වතුකරයේ නියෝජනය කරන තරුණ තරුණියන් 25 ආසන්න පිරිසක් සහභාගි වි සිටියා. හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..