brand logo

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් නව නීතිපති ලෙස පත්කෙරේ

26 May 2021

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදුකර ඇත. සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයා වෙයි. වසර 34ක කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් යන ධුරයන් හොබවා ඇත.
 

More News..