brand logo

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

27 September 2019

වත්මන් රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී ඇත. කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන් 04 දෙනා එම වාර්තාව ජනාධිපතිතුමාට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි. 2015 වසරේ සිට 2018 අවසානය දක්වා වත්මන් රජයේ ආයතනවල සිදුවූ වංචා හා දූෂණ සෙවීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි 17 වැනිදා මෙම කොමිසම පත් කරනු ලැබිණි.
 

More News..