brand logo

ජනාධිපති කොමිසමට පැමිණිලි 27ක් - සාක්ෂි විභාගය ලබන 28 වන දා

13 February 2019

පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය ලබන 28 වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට කොමිසමට පැමිණිලි 27 ක් ලැබී ඇති අතර, අක්‍රමිකාතාවයේ පාඩුව අනු පෙළ ගස්වා විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බවයි එම කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ. විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බවයි ඔහු පැවසුවේ. ඒ අනුව මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක මෙහෙයවීමෙන් විමර්ශන සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. 2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්යය වනවා.
 

More News..