brand logo

ජනාධිපති කැමැතිනම් තව අවුරුදු දෙකක් පුළුවන් - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

01 June 2019

‘‘ආරක්ෂක ප්‍රධානීන් ගෙදර යන වයසේ’’ යන ශීර්ෂය යටතේ 2019 මැයි මස 26 වන දිනැති සති අග අරුණ පුවත්පතෙහි පළමු පිටුවේ පළ කර ඇති ප්‍රවෘත්තියෙහි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය සම්බන්ධයෙන් සඳහන් වීම පිළිබඳ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලට ලිපියක් එවා ඇත. එහි මෙසේද සඳහන් වේ. 2019 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතෙහි අංක 3 (I) ඡේදය අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ මූලික ධුර කාලය වසර දෙකකි. එම පනතේ අංක 3 (2) ට අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තවත් වසර දෙකක් සඳහා පත් කිරීමට වුවද හෙතෙම සුදුස්සකු වන බවද තවදුරටත් සඳහන්ව ඇත. ඒ අනුව වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එම තනතුරට පත් කොට ඇත්තේ 2017 අගෝස්තු මස 22 වැනි දින වන බවත් ඔහුගේ ප්‍රථම ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ එළඹෙන අගෝස්තු මස 21 වැනි දින බවත් දන්වනු කැමැත්තෙමි.
 

More News..