brand logo

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාව සදාචාරාත්මක නෑ

20 September 2019

ජනාධිපතිවරණය නනිවේදනය කර තිබියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් යටතේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ යෝජනාව සදාචාරාත්මක නොවන බවත්, සජිත් ප්‍රේමදාස මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාක්ෂිකයන් ඊට විරුද්ධ වන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසයි. අද (20) පවතී හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙය කාගේ උවමනවටදැයි කළ ප්‍රශ්න කිරීමේදී ජනාධිපතිවරයා විසින් යම් කෙනෙකුගේ ඉල්ලීමක් පරිදි මෙය සිදුකරන්න යන බව ප්‍රකාශ කළ බවද ඇමතිවරිය සඳහන් කළාය. එම ඉල්ලීම කළ පුද්ගලයා පැහැදිලි නමුත් පක්ෂයේ එකමුතු බව ආරක්ෂා කරන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර යමක් නොකියන බව සඳහන් කළාය. මෙම අවස්ථාවට එක්වූ රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මෙසේ අදහස් දැක්විය. ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන්න එක්සත් ජාතික පෙරමුණේ සියලු සහෝදර පක්ෂ කැමැත්ත ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව 1994න් පසුව පැමිණි සියලු ජනාධිපතිවරු පොරොන්දු දුන්නා නමුත් ක්‍රියාත්මක කලේ නෑ. අපි මේක කරනවා කියලා පොරොන්දු වෙන්නේ නෑ.නමුත් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. මේ එකට සුදුසු වෙලාව නෙමෙයි. උසාවි නියෝගයක් දීල තියෙනවාන මේ සම්බන්ධව ජනමත විචාරණයක් තියන්න කියලා. කැබිනට් මණ්ඩලයට බලතල නෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ වගේම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් කවදාවත් කැබිනට් මණ්ඩලයේ සාකච්ජා කරලා නා ඉතිහාසයේ කවදාවත්ම. එජාපෙ බහුතරය මේකට විරුද්ධයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට නෙමෙයි. ජනාධිපතිවරණය ගැසට් කරලා තියෙද්දී එහෙම දෙයක් කරනවට' යැයි පැවසිය. ශිරන්තනි මානවඩු
 

More News..