brand logo

ජනාධිපති අපේක්ෂකයා නිසා එ.ජා.ප යේ අර්බුද රැසක් - පා.ම රංජිත්

31 July 2019

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා පිලිබදව පක්ෂය තුල අර්බුද රැසක් මතු වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාම රංජිත් සොයිසා මහතා පැවසිය. රංජිත් සොයිසා මහතා එබැව් කියා සිටියේ නුවරඑලිය සෙන්පති මැදුරේදි අද (31) පැවැති විශේෂ මාධ්‍යය හමුවකදිය. මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු රංජිත් සොයිසා මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා දැනටමත් තොරාගෙන ඇති බවත්, එම පක්ෂයේ දින විමට අවශ්‍යය සියළුම කටයුතු මේ වන සිදු කර ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයෙන් එක් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපෙක්ෂකා ලෙස ඉදිරිපත් කල යුතු බව පවසද්දි තවත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක සහ වර්තමාන අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහාතා ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරි පත් කල යුතු බව පවසනබවයි රංජිත් සොයිසා මහතා කියා සිටින්නේ. එම කණ්ඩායම් දෙකටම විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ තවත් කණ්ඩායමක් ජනාධිපති අපෙක්ෂකයා ලෙස කථානායක කරු ජයසුරිය මහතා ඉදිරිපත් කර යුතු බව පවසද්දි එක්සත් ජාතික පක්ෂයේ ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ජනාධිපති අපෙක්ෂකයා කන්ද උඩරට නියෝජනය කරන අයෙකු විය යුතු බවට පවසන බවයි රංජිත් සොයියා මන්ත්‍රි වරයා කියා සිටින්නේ. මෙම මාධ්‍යය සාකච්ඡාවට කළුතර දිස්ත්‍රික් පාම ප්‍රියාල් දිසානායක මහතාද සහභාගි විය. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..