brand logo

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා ගෝඨාභය - විමල්

06 February 2019

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පසුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. ඔහු රටට වැඩක් කර පෙන්වූ නායකයෙක් බවත් කතා පමණක් පැවැත්වූ නායකයෙක් නොවන බවත් විමල් වීරවංශ මහතා පවසනවා. ජනාධිපතිවරණය තව මාස නවයකින් පැවැත්වීමට නියමිත බවද ඔහු එහිදී සදහන් කර සිටියා.
 

More News..