brand logo

ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයේ පිරිසක් හොරෙන්ම සජිත්ගේ මෙහෙයුම් කාර්යාලයේ වැඩ

20 October 2019

එළඹෙන ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයගත්තත්, නියත වශයෙන් ම විශ්‍රාම ගැන්වෙන ජනාධිපති සිරිසේන වටා සිටින 33 ක් වූ පෞද්ගලික කාර්ය මණ්ඩලය ද මේ දිනවල ‘එහා මෙහා’ වෙමින් සිටින බව පෙනේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශයේ පිරිසක් මේ වන විටත් හොරෙන් හොරෙන් සජිත් ප්‍රේමදාසගේ ‘වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යයාලයේ’ වැඩ පටන්ගෙන ඇත. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි දිනේෂ් දොඩංගොඩ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක යන දෙදෙනා සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වී ඇත. එපමණකුත් නොව, ජනාධිපතිවරයා විසින් ඇතැම් ආයතනවලට පත් කළ ආයතන ප්‍රධානීන් ද කිහිප දෙනෙකුම සජිත් හමුවට ගොස්, ඔහු වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර තිබේ. ඉන් කෙනෙකු වන ජාතික රූපවාහිනියේ සභාපතිනිය ඉනෝකා සත්‍යාංගනී පසුගිය දා වොක්ෂෝල් වීදියේ මෙහෙයුම් කාර්යයාලයට ගොස් තිස්ස අත්තනායක හරහා සජිත්ට ‘කොක්ක’ ගැසුවාය.
 

More News..