brand logo

යහපාලනයට සහාය දුන් සුළු පක්ෂ රැසක සහාය පොදුජන පෙරමුණට

01 June 2019

පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කළ සුළු පක්ෂ රැසක සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රබලයෙක් පැවසීය. ඒ අනුව හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මව්බිම ජනතා පක්ෂයට හා සතාසිවම්ගේ ලංකා කම්කරු එක්සත් පෙරමුණ සමග පසුගිය සතියේදී සාකච්ඡා පවත්වා ඇත. ඊට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා යන අය සහභාගි වී තිබේ. පසුගිය ජනාධිපතිවරණය, මහමැතිවරණය හා පළාත් පාලන යන මැතිවරණවලදී එම සුළු පක්ෂවල සහාය යහපාලන ආණ්ඩුවට හිමි වූ අතර ඉදිරි මැතිවරණවලදී එම සුළු පක්ෂවල සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන බවට ඔවුන් පොරොන්දු වී ඇත. එහිදී එම පක්ෂවල යෝජනාවලටද ඉඩක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. මධුභාෂන හේරත්  
 

More News..