brand logo

ජනාධිපතිවරණයෙන් පසුව අත්අඩංගුවට ගත් පාතාලයන් ගණන 40කට අධිකයි

17 December 2019

ජනාධිපතිවරණයෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් ගණන 40 ඉක්මවන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් බහුතරය කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දාමරික ක්‍රියාවලට හවුල් වූ අය බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. හංවැල්ල, ජල්තර, රණාල, අංගොඩ, හිඹුටාන ප්‍රදේශවල කළ වැටලීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පුද්ගලයන් අපරාධ කල්ලි නායකයන් වන අංගොඩ ලොක්කා සහ ඌරුජුවාගේ සගයන් බව පොලිසිය පවසයි. ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයේ සිට සහ ඉන්දියාවේ බන්ධනාගාරය තුළ සිට ජංගම දුරකථන මාර්ගයෙන් මෙම දාමරික ක්‍රියා මෙහෙයවා ඇති බව දුරකථන විශ්ලේෂණවලදී තහවුරු වී තිබේ. මෙහෙයුම් සිදුකිරීම් නිසා අපරාධ සම්බන්ධ පැමිණිලිවල අඩුවීමක් දක්නට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සම්පූර්ණයෙන්ම පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට විශේෂ කාර්ය බළකායේ කැපවීම නිරතුරුවම තිබෙන බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියකු පැවැසුවේය. හේමන්ත ලියනපතිරණ  
 

More News..