brand logo

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එජාපයේ නම් තුනක් යෝජනා වෙයි

31 March 2019

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නම් 03ක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එහි ඉදිරියෙන්ම සිටින අතර කතානායක කරු ජයසූරිය මහතා එහි දෙවන තැනට යෝජනා වී ඇත. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත අනුව පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නමද ඒ සඳහා යෝජනා වී ඇති අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් විය යුතු බව එම පක්ෂයේ බහුතර මතය වී ඇත. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන අතර ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..