brand logo

ජනාධිපතිවරණයට අදාළව පැය 24ක් තුළ පැමිණිලි 84යි

13 October 2019

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් පැය 24 ක කාලයක් තුළ ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඊයේ (12) පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 02 ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 73 ක් සහ වෙනත් පැමිණිලි 09 ක් ලැබී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 8 වන දා සිට දින 4 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 459ක්ද ලැබී ඇත.
 

More News..