brand logo

ජනාධිපතිධුර අපේක්ෂකයින් සහභාගීවන අවසන් ජන රැළි අද

13 November 2019

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන 16 වැනිදා පෙරවුරු 07.00ට ආරම්භවීමට නියමිතව ඇත. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරණ කටුයුතු සිදුකිරීමට අපේක්ෂකයින්ට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වන අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිදු අපේක්ෂකයෙකු පිළිබඳ ප්‍රවර්ධන කටයුතු සිදු කිරිම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. එමෙන්ම ජනාධිපතිධුර අපේක්ෂකයින් සහභාගීවන අවසන් ජන රැළි අද පස්වරුවේ පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් ජනරැළිය හෝමාගම නගරයේදී ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් ජනරැලිය මැද කොළඹදීද ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ජනරැලිය මහරගම නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
 

More News..