brand logo

ජනාධිපතිතුමා හොරු ටික ඔක්කොම අල්ල ගනී - පා.ම නිශාන්ත මුතුහෙට්ටිගම

05 February 2020

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිහඩව ඉදගෙන හොදට වැඩ කරන නායකයෙක් ඒ නිසා ඔක්කොම හොරු ටික අල්ලා ගනිවී යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (05) පෙරවරුවේ ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. " පසුගිය ආණ්ඩුව තරම් වංචා දුෂණ පිරි තිබුණු ආණ්ඩුවක් අපි දැක්කේ නැහැ. ලංකාවේ මහ බැංකුව මහ දවල් එළිපිට හොරකම් කලා. ඒ වීශාල මංකොල්ලය පිටුපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයයි ගෝලයෝ රොත්තයි. එයට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගිහිල්ලා. අපි ජනාධිපති තුමාට යෝජනා කරනවා ඒ අඩුපාඩු සොයලා අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනැල්ලා නඩු අහලා මුදල් අයකරගෙන දෙන්න පුළුවන් ඉහලම දඩුවම දෙන්න කියා. හොරකමට දඩුවමක් දෙන්න අවශ්‍යයයි. ගමේ ගොඬේ ජේමිස් අයියා පොඩි වැරද්දක් කලාම, කසිප්පු ටිකකට ඩ්‍රයිවින් ලයිෂන් එකකට උසාවි ගියාම රුපියල් පන්දාහයි විසි පන්දාහයි දඩ ගහන්නේ. නමුත් මේ හොරකමට දඩ ගහනවා නම් බිලියන ගණනින් දඩ ගහන්න ඕන. ඒ තරම් පහත් පෙළේ හොරකමක් තමයි මේ සිද්ධ වුණේ. ඒ වගේම එයාර් බස් ගණුදෙනුවට සම්බන්ධ එයාර් ලංකා එකේ තනතුරක් හොබවන කෙනෙක් වන කපිල චන්‍ද්‍රසේන යන අය එයාගේ නෝනාගේ නමින් ආයතනයක් ඇරලා බඩු සපයලා ඒවාට කොමිස් මුදල් අරන් තියෙන බව කියනවා. ඒ සම්බන්ධව දැනටම උසාවී යන්න කටයුතු කරලා තියෙනවා. ඒ නඩු මග නවතින්නේ නැහැ අවසන් වෙනතුරු ඉදිරියට යාවී කියා අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිහඩව ඉදගෙන හරියට වැඩ කරන නායකයෙක්. ඒ නිසා ඔක්කොම හොරු ටික අල්ලා ගනිවි. "    
 

More News..