brand logo

ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල අගය කරනවා - රාධා ක්‍රිෂ්නන්

26 November 2019

“ජනාධිපතිතුමා මේ වන විට රටේ පරිසරය පවිත්‍ර කිරීමට සිදු කරන ක්‍රියාව අපි අගේ කරනවා. ඒ වගේම වියදම් අඩු කිරීම සඳහා එතුමා ගන්නා ක්‍රියා මාර්ග අපි අගේ කරනවා. මේ රටේ ජනාධිපති එක් අයෙක් තමයි තේරිය යුත්තේ. එය සිදු කර තිබෙනවා. අපි ඡන්දය නොදුන්නත් එතුමා මේ රටේ ජනාධිපති. එතුමා කරන වැඩ පිළිවෙල හොඳ නම් අපි එය අගේ කළ යුතුයි. එතුමාට සහාය ලබාදිය යුතුයි. එතුමා සමග ඡන්දය ඉල්ලීමට අපේ බලාපොරොත්තුවක් නෑ. ජනතාවගේ මතය තම මතය වත්, සජිත් ප්‍රේමදාස මහතා ආවොත් හොඳයි කියා තමන්ලාත් සිතන බවත්, ජනතාව එපා කියන මතේ සිටිනවා නම් තමන්ලාට ඕන කියන්නත් බරි බවත්,.ජනතාව එපා කියන මතේ සිටිනවානම් තමන්ට ඕන කියන්න බැරි බවත්, ජනතා මතයට ගරු කරන්න තමන් සූදානම් බවත් හිටපු අමාත්‍ය හා කඳරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.. පසුගිය දිනක එක්තරා රූපවාහිනී නාලිකාවක ගිය වැඩසටහනේදී අතාවුල්ලා මහතා පාවිච්චි කරපු වචන තමන්ට දරාගන්න බැරි එකක් බවත්, මෙවැනි වචන නැවතත් නාලිකාවලට පැමිණ කියන එක සුදුසු නොමැති බවත්, එම කතාව තමන් හෙලා දකින බවත් ඒ මහතා කීවේය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය. “අපි මේ රටේ පුරවැසියන් වගේම ජනතාව හැටියට මෙවැනි වචන පාවිච්චි කරන එක එතරම් හොඳ නැති බව පවසනවා. මැතිවරණය අවසන් වී දැනට සුමානයක් දෙකක් වෙනවා.ඒ නිසා අපට බලා ගත හැකියි මේ කෙටි කාලය තුළ අපිට පේනවා ජනාධිපති තුමා හොඳ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය සාර්ථකව ඉදිරියටත් ගෙන යාමට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.මෙම වැඩපිළිවෙල ගැන අපි සතුටු වෙනවා. ඉදිරියටත් මෙම හොඳ වැඩ පිළිවෙල සාර්ථකව කරගෙන යන්න ගැටළුවක් නැතිව අපි සහාය දෙනවා.”“මේවන විට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් තිබෙනවා. අපි පක්ෂයේ ඇතුලේ වැඩ කරන අය නොවෙයි. අපි පිට ඉඳල උදව් කරන අය.එක්සත් ජාතික පක්ෂයේ හොඳ නායකත්වයක් තිබෙනවා නම් අපිටත් ඉදිරියට එන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. මෙම ප්‍රශ්නය පුලුවන් ඉක්මණින් විඳලා හොඳ නායකයෙක් තෝරල ජනතාවට උදව් කරන්න එම නායකතුමාට අපේ සම්පූර්ණ සහාය ලබා දෙනවා. ජනතාවගේ මතය තමයි අපේ මතය. සජිත් ප්‍රේමදාස මහතා ආවොත් හොඳයි කියා අපිත් සිතනවා. ජනතාව එපා කියන මතේ සිටිනවා නම් අපිට ඕන කියන්නත් බෑ. ජනතාව එපා කියන මතේ ඉන්නවානම් අපිට ඕන කියන්නත් බෑ. ජනතා මතයට ගරු කරන්න අපි සූදානම්.”
 

More News..