brand logo

ජනාධිපතිට පාර්ලිමේන්තුව නැතිව වැඩක් කරන්න අමාරුයි

23 June 2020

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නැතිව කාර්යයන් සිදුකිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනහමුවක් අමතමින් අගමැතිවරයා සදහන් කළේ ජනාධිපතිවරයා සහ පාර්ලි‌මේන්තුව එක පැත්තක තිබිය යුතු බවයි. එම ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පැවසීය.... අපි දැක්කා ටික දවසකට කළින් රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රට පාලනය කරනවා. එක්කෙනෙක් ජනාධිපති, එක්කෙනෙක් අගමැති. මතවාදියෝ ගැටුනා, එකෙන් කාටද පාඩු වුනේ මේ රටේ මිනිස්සුන්ට. මොකද ජනාධිපතිවරයා කියනගේ අගමැති කරන්නේ නැහැ. අගමැති කියනදේ ජනාධිපති කරන්නේ නැහැ. ඒ නිසා සංවර්ධනය ඇණහිටියා, යුද්ධය අවසන් කරලා අපි සීග්‍ර සංවර්ධනයක් කරගෙන ඉදිරියට ගෙනිච්චා. නමුත් අවාසනාවකට 2015දි අපි පරාජයට පත්වුණා. දැන් අපිට වගකීමක් තියෙනවා 2015 ඉදලා ආපහු ඉස්සරහ අරන් එන්න. අන්න ඒ නිසා ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව තුළ බලය ලබාගත යුතුව තිබෙනවා.
 

More News..