brand logo

ජනවාරි 21 සිට ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘතයි

05 January 2021

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මාස 10 කට පසු 21 වන දා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරේ. ජනවාරි 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි. සංචාරක ව්‍යාපාරයෙන් මෙරට ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සෘජු හා වක්‍රව යැපෙන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම අය ජීවත් වීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට සංචාරකයන්ට විවෘත කිරීමට තීරණය කල බවත් ඇමතිවරයා සදහන් කරයි. සංචාරක හෝටල් කළමණාකරන ආයතනයේ මොණරා උත්සව ශාලාවේදි අද (05) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ ඉදිරි වැඩ පිලිවෙල පැහැදිලි කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබුනි. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය. ‘‘සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල සහ රට සංචාරකයන්ට විවෘත කිරීම අද ඊයේ ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 30 කට ආසන්න පිරිස කොවිඩ් වසංගතය නිසා දැඩි ලෙස පීඩාවට පත්වුනා. සමහර අය පාරවල්වල රොටී විකුණුවා, පොල් විකුණුවා සංචාරක ව්‍යාපාරය නියාමනය කිරීම තමයි සංචාරක සංවර්ධන අධිකාරියට පැවරිලා තියෙන්නේ මෙහි 99% ක්ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට අපි සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසුවා එහි ගැටලු අඩුපාඩු තිබෙන්න පුලුවන්. දෙසැම්බර් මාසයේදි සෞඛ්‍ය අංශ සමග සංචාරක මාර්ගෝපදේශ සකසලා අපි මේ සදහා නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා ඒ අනුව දෙසැම්බර් 26 ඉදලා විශේෂ ගුවන්යානා මගින් මේ නියාමන ව්‍යාපෘතිය යටතේ සංචාරකයන් ගෙන්වන්න අපි අදාල ආයතනවලට දැනුම් දුන්නා ඒ අනුව සංචාරකයන් ගෙන්වන ආයතන තුනක් රුසියානු කලාපයේ සංචාරකයන් ගෙන්වන්න කැමැත්ත පල කලා ඒ අනුවයි මේ යුක්රේන සංචාරකයන් රටට එන්නේ ට්‍රැවල් බබල් එකක් විදිහටයි.
 

More News..