brand logo

ජනවාරි 03වනදා විපක්ෂයේ 12ක් ආණ්ඩුපක්ෂයේ අසුන් ගනී

22 December 2019

එළඹෙන ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුවේදී, නියත වශයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සිදුවේ. එසේ වන්නේ, පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගැබේ ආසන වෙන්කිරීමේදී ඇති වූ ගැටලුවක් නිසා ය. මෙවර ආණ්ඩුව ‘සුළුතර ආණ්ඩුවක්’ වන නිසාත්, විපක්ෂය ‘බහුතර විපක්ෂයක්’ වන නිසාත්, විපක්ෂයේ සියල්ලන්ටම විපක්ෂයේ අසුන් ගැනීමට නොහැකි වී ඇත. විපක්ෂයේ 12 දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ ‘පසු පෙළින්’ අසුන් ගන්නට සිදුවන්නේ එහෙයිනි. එසේ නොමැතිව , ‘ආණ්ඩුපක්ෂයට’ එක්වීම නිසා නොවේ.
 

More News..