brand logo

ජනවාරි වැටුප ගෙවා නොමැති බවට ජාතික සේවක සංගමයෙන් චෝදනා

27 January 2020

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් විශාල සංඛ්‍යාවකට ජනවාරි වැටුප මේ වනවිට ගෙවා නොමැති බවට ජාතික සේවක සංගමය චෝදනා කරයි. සංස්ථාවේ ස්ථිර සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් 2400 ට ආසන්න සංඛ්‍යාවකට මෙසේ වැටුප් ලැබී නොමැති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන්නැයි ඉල්ලමින් නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බවද එහි ජාතික සේවක සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය. 2020 ජනවාරි මස වැටුප 2020 ජනවාරි 24 දින ගෙවන බවට චක්‍රලේඛ මගින් සේවකයින් දැනුවත් කර තිබියදී මෙසේ තමන්ට වැටුප් නොලැබී ඇති බවද සඳහන් කළේය,.
 

More News..