brand logo

ජනමත විචාරණ කතාව අසත්‍යක් - දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වන සංශෝධනයයි

26 June 2019

ජනමත විචාරණයක් පැවැත්වීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනපතිවරයා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. ජනාධිපතිවරයෙන් මාස දෙකකට පසු මහ මැතිවණයක් පැවැත් වෙන බවත් රටට ශාපයක් වී ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයක් බවත් ජනාධිපතිවරයා පවසා ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රට තුළ නායකයින් දෙදෙනෙකු බිහි වූ බව ජනාධිපතිවරයා පවසයි. ඉරියේදී ජනාධිපතිවරයා ලෙස පත්වන කවුරුන් හෝ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කර යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
 

More News..