brand logo

ජනප්‍රිය TikTok තාරකාවියක් සියදිවි නසා ගනී

12 February 2021

ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට තොරතුරු වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් විසින් තහවුරු කර ඇති බව විදස් මාධ්‍ය සඳහන් කරයි. Dazhariaa Quint Noyes නොහොත් Dee ලෙසින් ජනප්‍රිය වූ ඇයගේ වයස අවුරුදු 18 කි. දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවට අනුමාන කරන අතර ඇය සියදිවි නසා ගන්නට පෙර විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය එක් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..